පිලිපීන ආණ්ඩුව සහ මෝරෝ කැරලිකරුවන් අතර සාම ගිවිසුමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 15 සඳුදා - 13:14 GMT
Philippine peace accord

දකුණු පිලිපීනයේ මුස්ලිම් බහුතරය සහිත කලාපයට 2016 වන විට අර්ධ ස්වයංපාලන තත්වයක් පැවරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ

ආසියානු කළාපයේ වසර ගණනාවක් දික් ගැසෙමින් තිබුන කැරැල්ලක් අවසානයකට ගෙන ඒමේ අරමුණින් පිලිපීන ආණ්ඩුව සහ එරට බලවත්ම ගරිල්ලා ව්‍යාපාරය වන මෝරෝ මුස්ලිම් විමුක්ති පෙරමුණ සාම ගිවිසුමකට අත්සන් තැබූහ.

පිලිපීනයේ කැරැල්ල හේතුවෙන් එක්ලක්ෂ විසි දාහකට අධික මහජන ජීවිත විනාශයට පත්විය.

දකුණු පිලිපීනයේ මුස්ලිම් බහුතරය සහිත කලාපයට 2016 වන විට අර්ධ ස්වයංපාලන තත්වයක් පැවරීමට ගිවිසුම මගින් දෙපාර්ශවය එකඟ වී තිබේ.

පිලිපීනය කතෝලික ප්‍රජාව බහුතරය වූ රටක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.