රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම මගේ වගකීමක් - හිලරි ක්ලින්ටන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 16 අඟහරුවාදා - 12:06 GMT
Hillary Clinton

තානාපතිවරයා ඝාතනයට ලක්වීම පිළිබඳ චෝදනාවලින් ජනාධිපති ඔබාමා බේරාගැනීමට ඇය උත්සාහ කරන හැඩක් දක්නට ලැබෙන බව වාර්තාකරුවෝ පවසති

පසුගිය මාසයේදී ලිබියාවේ ඇමෙරිකානු තානාපතිවරයා ඝාතනයට ලක්වූ බෙන්ගාසි නගරයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ආරක්ෂාව සැපයීමේ වගකීම පැවරී තිබුනේ තමාට බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසන්නීය.

විදේශයන්හි සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම තමන්ගේ වගකීමක් බව පැවසූ රාජ්‍ය ලේකම්වරිය, එය ජනාධිපතිවරයා සතු වගකීමක් නොවන බව අවධාරණය කළාය.

හිලරි ක්ලින්ටන් මේ අදහස් පළ කළේ ඇමෙරිකානු රූපවාහිනී චැනල කිහිපයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක මිට් රෝම්නි සමඟ මීළඟ රූපවාහිනී විවාදයට පෙරාතුව ලිබියාවේ තානාපතිවරයා ඝාතනයට ලක්වීම පිළිබඳව එල්ලවන චෝදනාවලින් ජනාධිපති ඔබාමා බේරාගැනීමට ඇය උත්සාහ කරන හැඩක් දක්නට ලැබෙන බවයි, වොෂින්ටන් නුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.