ප්‍රචණ්ඩ වල් අලි නැවත පදිංචිය සඳහා මුලතිව් කැලයට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 17 බදාදා - 14:39 GMT
මුලතිව් පළාතේ  අලියකු විසින් විනාශ කරන ලද ගෙවල්

තමන් නැවත පදිංචි කළ ගම් අවට වනාන්තරයට දිවයිනේ වෙනත් පළාත් වලින් ඉවත් කැරුනු ප්‍රචණ්ඩ කාරී වල් අලින් ගෙනැවිත් මුදාහැර ඇතැයි මුලතිව් පළාතේ ගම් වාසීහු පවසති.

කැලයෙන් කැලයට අලින් මාරු කිරීම සාමාන්‍ය පිළිවෙතක් වන බවත් මුලතිව් කැලෑවට පමණක් වල් අලින් මුදා නොහරින බවත් වවුනියාවේ දිනසේන රතුගමගේ කළ විමසීමකට පිළිතුරු දෙමින් වනජීවී දෙපාර්ත්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස් පතිරත්න කියා සිටියේය.

"සාමාන්‍යයෙන් එක අලියෙක් ඕනෑ නම් දවසකට ගෙවල් පහක් විතර කඩයි" යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.පතිරත්න කියා සිටියේය.

මුලතිව් පළාතේ මුතියන්කට්ටුව පළාතේ ගම් වාසීන් කියා සිටියේ එක් රාත්‍රියකදී ගෙවල් විසි හතක් එක් අලියකු විසින් විනාශ කරන ලද බවයි.

මේ පිට පලාතකින් එදින රාත්‍රියේ තමන්ගේ ගම් පළාතට ගෙනවිත් දමා තිබෙන අලියෙකැයි ගම් වාසීහු කියා සිටිති.

වනජීවී දෙපාර්ත්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස් පතිරත්න කියා සිටියේ එක් රාත්‍රියකදී ගෙවල් විසි හතක් එක් අලියකු විසින් විනාශ කරන ලදැයි තමන්ට වාර්තා වී නැති බවයි.

ගමට පැමිණි නිලධාරීන් අලි වෙඩි ලබා දුන් නමුත් සිදු වූ හානියට වනජීවී දෙපාර්තුමේන්තු වෙන් වන්දි ලබා දිය නොහැකි යැයි තමන්ට දැන්වූ බව ගම් වාසීහු පැවසුහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.