කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන්ට නඩු නැහැ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 17 බදාදා - 16:26 GMT
ජාත්‍යන්තර පොලිසිය  නිකුත් කළ නිවේදනය

කුමරන් ප්ද්මනාදන් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිවේදනය

කොටි සංවිධානයේ හිටපු නායකයෙක් වන කුමරන් පද්මනාදන් හෙවත් කේ .පී හට එරෙහිව කිසිදු නඩුවක් පවරා නැති බව ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල කියා සිටී.


සංවර්ධන කටයුතු සඳහා සඳහා සඳහා හමුදා මැදිහත්වෙන ආකාරය පැහැදිලි කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අමතමින් ලක්ෂ්මන් හුළුගල්ල කියා සිටියේ

කුමරන් පද්මනාදන් දැනට උතුරේ සංවර්ධන කටයුතු සඳහා කැප වුනු රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වා ගෙන යන බවයි.


කුමරන් පද්මනාදන් කොටි සංවිධානය සඳහා ආයුධ මිල දී ගන්නා ජාත්‍යන්තර ජාලයක් මෙහයවූ බව හමුදා බලධාරිහු මීට පෙර කියා සිටියහ.


මීට වඩා අඩු වැරදි සඳහා අඩංගුවට ගෙන ඇති කොටි සංවිධාන සාමාජිකයින් නිදහස් නොකරන්නේ මන්දැයි මාධ්‍යවේදීන් විමසු විට හමුදා ප්‍රකාශක බ්‍රීගේඩියර් රුවන් වනිගසුරිය කියා සිටියේ අඩංගුවේ සිටින කොටි සංවිධාන සාමාජිකින්ට එරෙහිව අපරාධ චෝදනා ඇති බවයි.


පෙර දා රජයට එරෙහිව කටයුතු කළ අයෙක් ගේ සහයෝගය ලබා ගැනීමට හැකි වීම රජයේ ජයග්‍රහණයක් බව ලක්ෂ්මන් හුළුගල්ල වැඩි දුරටත් කියා සිටියේය

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.