යුද සරඹ නරඹන්න එන්න - අමෙරිකාවෙන් මියන්මාරයට ආරාධනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 19 සිකුරාදා - 12:26 GMT
Cobra Gold exhibition (file photo)

වාර්ෂිකව පවත්වනු ලබන කෝබ්‍රා ගෝල්ඩ් යුද සරඹ සංදර්ශනය නිරීක්ෂණය කිරීමට ආසියාව පුරා රටවල් සහභාගි වෙති

තායිලන්තයේ පැවැත්වෙන මුල්පෙළේ යුද සරඹ සංදර්ශනයක් නැරඹීමට සහභාගි වන මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මියන්මාරයට ආරාධනා කළේය.

මෙය ඇමෙරිකා-මියන්මාර් ද්විපාර්ශ්වීය සම්බන්ධතා දැනට වර්ධනය වෙමින් පවතින බව පෙන්නුම් කෙරෙන පැහැදිළි ලකුණක්ය යන්න විශ්ලේකයන්ගේ අදහසයි.

තායිලන්තයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදා එකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන කෝබ්‍රා ගෝල්ඩ් (Cobra Gold ) යනුවෙන් නම් කරනු ලැබ ඇති මෙම යුද සරඹ සංදර්ශනය නිරීක්ෂණය කිරීමට ආසියාව පුරා රටවල් සහභාගි වෙති.

ලබන අවුරුද්ද මුල ආරම්භ කිරීමට නියමිත මීළඟ යුද සරඹ නැරඹීමට සහභාගි වන මෙන් කෙරුන ආරාධනය සම්බන්ධයෙන් මියන්මාරය තවමත් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.

මියන්මාර් යුද හමුදා පාලනයේ මානව හිමිකම් වාර්තාව සැලකිල්ලට ගනිමින් එක්සත් ජනපදය 1990 දශකයේ පටන් එම පරිපාලනය සමඟ සහයෝගීතා සම්බන්ධතා නතර කරනු ලැබයි තිබුනේ.

එහෙත් පසුගිය කාල සීමාව ඇතුලත මියන්මාර් බලධාරීන් දේශපාලන ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය එරටට එරෙහිව පනවා තිබුන සම්බාධක ක්‍රමයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

එකසත් ජනපදය කලාපයේ රටවල් සමඟ යුද සබඳතා වගාකර ගැනීමත් සමග, චීනය ඇමෙරිකානු ක්‍රියාකාරකම් දෙස ඇස ගසා සිටින්නේ බලවත් සැකයෙන්.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.