ලිබියාවට පුර්ණ නිදහසක් නෑ - අන්තර්වාර ආණ්ඩුවේ නායක මොහොමඩ් මගාරීෆ්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 20 සෙනසුරාදා - 17:15 GMT

කර්නල් ගඩාෆි මරා දමා වසරක් ඉකුත්ව ඇතත්,තවමත් රට පූර්ණ මට්ටමින් නිදහස් වී නැතැයි ලිබියාවේ අන්තර්වාර ආණ්ඩුවේ නායක මොහොමඩ් මගාරීෆ් (Mohammed Magarief ) පවසයි.

ලිබියානු ජාතික මණ්ඩලයේ ප්‍රධානියා වන මොහොමඩ් මගාරීෆ්, ඊට උදාහරණ වශයෙන් පෙන්නුම් කළේ දැනට බානි වාලිඩ් (Bani Walid ) නගරයේ පවතින තත්වයයි.

ආණ්ඩුවේ ආධාර කරුවන් සහ කර්නල් ගඩාෆිගේ අනුගාමිකයන් ලෙස පිළිගැනෙන සන්නද්ධ කණ්ඩායමක් අතර මේ සතිය තුල බානි වාලිඩ් හි ගැටුම් හට ගැනිණි.

බානි වාලිඩ් , කර්නල් ගඩාෆිගේ පාලනය පැවැති අන්තිම බලප්‍රදේශවලින් එකක්.

තවදුරටත් අදහස් දැක්වූ වත්මන් ලිබියානු නායක මොහොමඩ් මගාරීෆ්, අධිකරණ ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම, වෘත්තීය පොලිස් සහ යුද හමුදා සේනාංක පිහිටුවීමට තවමත් නොහැකිවීම මෙන්ම සන්නද්ධ කැරලිකරුවන් නිරායුධ කිරීමට අපොහොසත්වීම වැනි හේතූන් නිසා සමාජය තුළ ගැටුම්කාරී තත්වයක් උත්සන්න වෙමින් ඇති බව පෙන්වා දෙනවා.

කර්නල් ගඩාෆි ගේ ඝාතනයෙන් පසු ලිබියාවේ බරපතලම ගැටලුව එරට ආරක්ෂාව තහවුරු කිරීමයි.

මෙම ගැටුම් වලට මුලික හේතුව ලිබියාවේ මධ්‍යම රජයක් නොමැති කමයි.

විවිධ දේශපාලන කඳවුරු සමඟ සාකච්ජා කිරීමම ලිබියාවට අලුත් අත්දැකීමක් බවයි, අන්තර්වාර පාලනයේ ආරක්ෂක අමාත්‍ය ඔස්මාන් අල් ජුවාලි (Osman al Juwali )ප්‍රකාශ කළේ.

කෙතරම් දුෂ්කරතා තිබුනද එකගත්වයකට ඒමට ඇති හැකියාව ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවයි ඔහු පවසන්නේ

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.