ඉරාන අධිකරණය ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන බවට ජනාධිපති ගෙන් චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 23 අඟහරුවාදා - 14:06 GMT

ඉරානයේ දැඩි මතධාරීන් අතර ජනාධිපතිවරයා ගේ බල අධිකාරයේ පිරිහීමක්

ඉරාන අධිකරණය ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන බව ඉරාන ජනාධිපති මොහමඩ් අහ්මෙදිනෙජාඩ් ප්‍රකාශ කරයි.

සිරගතව සිටින ප්‍රධාන පෙළේ සහායකයෙක් හමුවීම සඳහා බන්ධනාගාරයට යාමට ජනාධිපති වරයා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරවයි ඔහු අධිකරණය දෝෂ දර්ශනයට ලක් කර සිටියේ.

ජනාධිපතිවරයා ගේ සහායකයා, සෙසු ඉරාන නායකයනට අපහාස කළ බව එල්ලවූ චෝදනා පිළිබඳව අත් අඩංගුවට පත්වී සිටියි.

මෙම සිරකරු හමුවීම සඳහා බන්ධනාගාරයට යාම ජනාධිපති අහ්මෙදිනෙජාඩ්ට සදුසු නොවන බව අධිකරණය විසින් දන්වා ඇත.

මෙම තත්වය, ඉරානයේ දැඩි මතධාරීන් අතර ජනාධිපතිවරයා ගේ බල අධිකාරයේ පිරිහීමක් පිලිබඳ සාක්ෂි පෙන්නුම් කරන බව වාර්තාකරුවන් පවසා සිටියි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.