චීන පාලනයට එරෙහිව ගොවියෙක් දිවි හානි කරගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 24 බදාදා - 15:28 GMT
farmer  seting himeslf on fire

වයඹ දිග චීනයේ ගොවියෙක් ටිබට් දේශයේ චීන පාලනයට එරෙහිව සිය සිරුරට ගිනි තබා ගනිමින් දිවි හානිකරගත් බව මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කොට සිටී.

එම ගොවියා ලැබ්‍රන්ග් බෞද්ධ පන්සල අසළ ස්ථානයකදී ඊයේ(අඟහරුවාදා) ගිනි තබා ගත් බවයි,ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථාන කර ගත් ටිබැටයේ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ව්‍යාපාරය පවසන්නේ.

ලැබ්‍රන්ග් බෞද්ධ පන්සල ටිබට් දේශයෙන් පිටත පිහිටි ඉතාම බලවත් ටිබෙට් බෞද්ධ විහාරයක්.

සිරුරට ගිනිතබා ගත් ගොවියා ගිනිදැල් පිටින් පාරේ දිවයන ආකාරය දැක්වෙන පින්තූර ඉහත කී මානව හිමිකම් සංවිධානයේ අන්තර්ජාල වෙබ් අඩවියේ දක්නට ලැබේ.

සිය දිවි නසාගත් ටිබට් ගොවියාගේ සිරුර පසුව පොරෝනාවලින් ඔතා තිබුන අතර ඔහුගේ බෙල්ල සහ හිස දරුණු ලෙස පිලිස්සී තිබේ.

ටිබැටයේ චීන පාලනයට එරෙහිව දින දෙකක් ඇතුලත වාර්තා වූ දෙවැනි දිවි පිදුමයි මේ.

2009 පටන් ටිබට් දේශයේ දියත් වෙමින් ඇති චීන විරෝධී රැල්ලේදී හැට දෙනෙක් පමණ ගිනි තබා ගෙන තිබේ,ඔවුන්ගෙන් වැඩි දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි ප්‍රකාශ වන්නේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.