ඉතා කුඩා ප්‍රමාණයකින් ජනමතය ඔබාමා වෙත

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 25 බ්‍රහස්පතින්දා - 11:57 GMT

ධවල මන්දිරයේ මුල් පුටුවට යලි තරඟ වදින ජනාධිපති ඔබාමා ජනාධිපතිවරණයට දින දොළහකට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා චිකාගෝ බලා පැමිණීමට නියමිතව ඇත.

මෙලෙස චිකාගෝ ඡන්ද පොලක් කරා ගොස් කලින් ඡන්දය භාවීත කිරීමේ අරමුණ කලින් ඡන්දය භාවීතයට ඇති අවස්තාව පිළිබඳව ජනතා අවදානය යොමු කරවීම බව වාර්තා කරුවෝ ප්‍රකාශ කරති .

කළින් ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් යොමු වීම, ප්‍රතිවාදී මිට් රොම්නිට එරෙහි ඡන්ද සටනේදී වත්මන් ජනාධිපති ඔබාමාගේ වාසියට හේතු වීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ කියා සිටිති.

ජාතික මට්ටමේ ඡන්ද සටනේදී ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා කරට කර සිටින බව කියා සිටින බී බී සී වොෂිංටන් වාර්තාකරු, ඒත් දැනට ඉතා කුඩා ප්‍රමාණයකින් ජනමතය ඔබාමා වෙත යොමු වීමේ නැඹුරුවක් දක්නට ඇති බව කියා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.