සැන්ඩි සුළි සුළඟෙන් කෝටි පහක ජනකායක් අනතුරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 29 සඳුදා - 17:15 GMT
Hurricane Sandy

සැන්ඩි සුළි සුළඟ දැනට හමා ගෙන යමින් තිබෙන්නේ ජනගහනය අධිකව වෙසෙන එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ඔස්සේයි

ඇමෙරිකා එක්සත් ජනපදය දරුණු සුළි සුළඟකට මුහුණ දී ඇති හෙයින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ කටයුතු අවලංගු කළ ජනාධිපති බරක් ඔබාමා, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට යලි ධවල මන්දිරයට පැමිණියේය.

ජනාධිපතිවරයා එම පියවර ගත්තේ, සුළි සුළඟ සම්බන්ධයෙන් සිය ෆෙඩරල් පරිපාලනය ගනිමින් ඇති ක්‍රියා මාර්ග අධීක්ෂණය කිරීම සඳහායි.

සැන්ඩි (SANDY ) යනුවෙන් නම් කරනු ලැබ ඇති සුළි සුළඟ දැනට හමා ගෙන යමින් තිබෙන්නේ ජනගහනය අධිකව වෙසෙන එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ඔස්සේයි.

අද රාත්‍රියේ ගොඩබිමට ළඟාවනු ඇතැයි තක්සේරු කෙරෙන සුළි සුළඟ, කෝටි පහක පමණ ජනකායකට අනතුරුදායක තත්වයක් එල්ල කොට තිබේ.

වර්ජිනියා, නිව්ජර්සි සහ නිවුයෝර්ක් වැනි වෙරළාසන්න ප්‍රාන්ත වලටයි වැඩි අනතුරුදායක තත්වයක් පවතින්නේ.

සුළි සුළඟත් සමඟ ඇතිවිය හැකි ගංවතුරෙන් නිවුයෝර්ක්හි පහත්බිම් ප්‍රදේශවලට දැඩි අනතුරුදායක තත්වයක් එල්ල කෙරෙනු ඇති බවයි සැලකෙන්නේ.
සුළි සුළඟ ගමන් ගන්නා කළාපයෙන් ඉවත්වන මෙන් හාර ලක්ෂයක් පමණ ජනතාවට දැනටමත් දැනුම් දෙනු ලැබ තිබේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.