වියට්නාමයේ රාජ්‍ය විරෝධී ගීත රචකයන්ට සිර දඬුවම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 30 අඟහරුවාදා - 12:35 GMT
Court in Vietnam

විකාර සහගත ක්‍රියාවක් ලෙසිනුයි, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය මේ දඬුවම් පැමිණවීම විග්‍රහ කළේ

රාජ්‍ය විරෝධී ගීත රචනා කිරීම හේතුවෙන් ගීත රචකයින් දෙදෙනකුට වියට්නාමයේ අධිකරණයක් විසින් සිර දඬුවම් නියම කෙරිණ.

මේ ගීත මගින් චීන රජය විවේචනය කෙරුණු අතර වියට්නාම පරිපාලනය චීනය සමග පවත්වන සම්බන්ධතා ද විවේචනය කොට තිබිණ.

Tran Vu Anh ගීත රචකයාට හය අවුරුදු සිර දඬුවමක් නියම කෙරුණ අතර Viet Khang ගීත රචකයාට නියම වූයේ සිවු අවුරුදු සිර දඬුවමක්.

මේ දඬුවම් පැමිණවීම විකාර සහගත ක්ර්යාවක් වන බවයි, ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.