සැන්ඩි සුළිසුළඟින් දැඩි හානි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 31 බදාදා - 15:07 GMT
sandy damage

නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ ගනු දෙනු යළි ආරම්භ කෙරුන බවයි, සැන්ඩි( SANDY) සුළිසුළඟින් දැඩි විපතට පත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන අළුත්ම වාර්තා මගින් ප්‍රකාශ වන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ,ඊශානදිග පළාත් කීපයක්ම චණ්ඩ කුණාටුවෙන් බැට කෑ අතර,තත්වය යථා අතට හැරීමත් සමඟයි,නිව්යෝර්ක් කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු යළි ආරම්භ කෙරුනේ.

අද ගනුදෙනු ආරම්භ කෙරෙද්දී එහි රැස්ව සිටි පිරිස් අත්පොළසන් නඟමින් සතුට පළ කළහ.

නිව්යෝර්ක් හි ප්‍රධාන ගුවන් තොටුපොළවල් දෙකත් මේ වන විට විවෘත කොට ඇත.

එහෙත් නිව්යෝර්ක් නගරයේ විශාල භූමිභාගයක් වතුරින් යට වී පවතින අතර, උමං දුම්රිය මාර්ගද ඇතුළුව, පොළොව යටින් වැටී ඇති මාවත් තවමත් වසා ද මා ඇත.

සැන්ඩි යනුවෙන් නම් කරනු ලැබ ඇති,මහා සුළි සුළඟ නිසා ඇති වූ විනාශයේදී,හතළිහකට අධික එක්සත් ජනපද වැසියෝ මරණයට පත් වුහ.

රටේ ඊශාන දිග පළාත්වල දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක්, විදුලිබල සැපයුම් නැතිවයි තවමත් සිටින්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.