'වහල් කාන්තාවන්' පිරිසක් මොස්කවු නුවරදී මුදවා ගැනේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 2 සිකුරාදා - 15:31 GMT
'Slave women' who were freed by cmapigners

වසර දහයක් පොලව යට පිහිටි කාමරයක සිරකොට සිටි තමන්ට කඩයක වැටුප් නොගෙන සේවය කිරීමට සිදු වූ බව කාන්තාවෝ පවසති

වසර ගණනාවක් මුළුල්ලේ වහල මෙහෙයේ රඳවා සිටි කාන්තාවන් එකොලොස් දෙනකු මුදවා ගත් බව රුසියාවේ මොස්කවු අගනුවර මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

මුදවා ගැනුණු පිරිසෙන් කාන්තාවන් දෙදෙනකු කියා සිටියේ වසර දහයක් මුළුල්ලේ පොලව යට පිහිටි කාමරයක සිරකොට සිටි තමන්ට මහල් නිවාස පෙළක යට තට්ටුවේ කඩයක වැටුපක් රහිතව සේවය කිරීමට සිදු වූ බවයි.

දිනකට පැය දහ අටක් වැඩ කිරීමට තමන්ට බල කෙරුණු බවත්, නිරන්තරයෙන් පහර කෑමට ලක් වූ අතර වසර ගණනාවකින් ඉර එලිය නුදුටු බවත් කාන්තාවන් පිරිස බීබීසී යට කියා සිටියහ.
මුදවා ගැනුණු කාන්තාවන් ගෙන් බහිතරය මෙන්ම සාප්පුවේ හිමිකරුවන්ද කසක්ස්ථානවාසීන්.

සිද්ධිය පිලිබඳව පරීක්ෂණ පවත්වන පොලීසිය පවසන්නේ තවමත් කිසිවෙකුත් අත් අඩංගුවට නොගත් බවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.