ඊජිප්තුවේ කොප්ටික් කිතුනුවන්ට නව නායකයෙක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 4 ඉරිදා - 16:49 GMT

ඊජිප්තුවේ කොප්ටික් කිතුනුවන්ගේ ප්‍රධානියා ලෙස ටවාද්රෝස් රදගුරුතුමා පත්වී සිටියි.

සම්ප්‍රදායට අනුව නව කොප්ටික් පාප් වහන්සේ ලෙස රදගුරුවරයාගේ නම සහිත තුණ්ඩුව මන්ජුසාවකින් තෝරාගනු ලැබුවේ දෙනෙත් බඳිනු කුඩා ළමයෙක් විසින් කයිරෝ අගනුවර පැවති විශේෂ දේව මෙහෙයකදීයි.

හැට හැවිරිදි රදගුරු ටවාද්රොස් මීට පෙර සිටි තුන්වැනි ශේනොදා කොප්ටික් පාප් වහන්සේ ගේ සහායකයෙක් ලෙස කටයුතු කල පුද්ගලයෙක්.

වසර හතළිහක් කොප්ටික් පාප් වහන්සේ ලෙස කටයුතු කල තුන්වැනි ශේනොදා පාප් තුමා පසුගිය මාර්තු මස අභාවප්‍රාප්ත විය.

ඉස්ලාම් දහමට ඊජිප්තුවේ ඇති කාර්ය භාරය පිලිබඳ විවාදයක් ආරම්භ වී ඇති මොහොතක නව කොප්ටික් පාප් වහන්සේ ලෙස පත්වූ රදගුරු ටවාද්රෝස් ට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි වාර්තාකරුවෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.