පොදු පෙරමුණක් ගොඩනැගීමට සිරියානු විපක්ෂය සැරසේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 4 ඉරිදා - 16:39 GMT

සිරියානු විපක්ෂ කණ්ඩායම් පොදු පෙරමුණක් ගොඩනැංවීමේ සහ විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් කටාරයට රැස්ව සිටිති.

විද්වතුන්ගෙන් සහ රටින් පිටව සිටින දේශපාලන ක්‍රියාධරයන් ගෙන් සැදුම් ලත් ප්‍රධාන විපක්ෂය වන සිරියානු ජාතික මණ්ඩලය, විපක්ෂයේ තරුණ කොටස් සමග දින හතරක් පුරා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

තරුණ නායකයන් පොදු විපක්ෂයට ඇතුලත් කර ගැනීම මේ සාකච්ඡා වල අරමුණයි.

ඉන් අනතුරුව ඔවුන් ඇමෙරිකාව විසින් යෝජනා කර ඇති දේශපාලන නායකයන් පනහකගෙන් සැදුම්ලත් නායක මඩුල්ලක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

විකල්ප ආණ්ඩුව විපක්ෂ කණඩායම් වල පාලනය යටතේ පවතින සිරියානු භුමියේ පිහිටවනු ඇති බවයි විපක්ෂයේ නායකයෙක් වන රියාද් සේඉෆ් බීබීසී යට ප්‍රකාශ කළේ.

මේ අතර සිරියාවේ දමස්කස් අගනුවරට එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇත.

බෝම්බය පුපුරා ගොස් ඇත්තේ සිරියානු යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියාගේ කාර්යාලය ඉදිරිපිටයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.