මීකොං පහළ නිම්නයේ වේල්ල ඉදිකිරීමට ලාඕස් ආණ්ඩුවේ අනුමැතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 5 සඳුදා - 13:43 GMT
Mekong river

වේල්ල ඉදි කෙරුනොත් මහා මත්ස්‍ය සම්පතක් විනාශ කෙරෙන බවට කාම්බෝජය සහ වියට්නාමය අනතුරු අඟවයි

මහා පරිසර විනාශයක් උද්ගතවිය හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකෙරෙමින් ඇතත්, ඒවා නොතකා යමින් මීකොං ගංගාවේ පහළ නිම්නයේ වේල්ලක් ඉදිකිරීමේ මතභේදයට තුඩු දී පවතින ව්‍යාපෘතියට ලාඕස් ආණ්ඩුවේ අනුමැතිය පළ විය.

ක්ෂ්යාබුරි (Xayaburi ) යනුවෙන් නම් කරනු ලැබ ඇති වේල්ල ඉදිකිරීම නතර කරන මෙන් ඉල්ලා සිටින්නේ පහල මීකොං නිම්නයේ කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවල්.

වේල්ල ඉදි කෙරුනොත් මහා මත්ස්‍ය සම්පතක් විනාශ කෙරෙන අතරම, දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකට ජීවිකා වෘත්තීය අහිමි වෙන බවයි එම රටවල් පෙන්වා දෙන්නේ.

ලාඕස් ආණ්ඩුවේ නිලධාරියෙක් අදහස් පළ කරමින්, වේල්ල ඉදිකිරීමේ නිල උත්සවය ලබන බදාදා ආරම්භ කෙරෙන බවත්, ඒ සමඟ මීකොං ගංපත්ළේ වැඩ පටන් ගන්නා බවත් සඳහන් කළේය.

උද්ගත විය හැකි පරිසර බලපෑම් පිළිබඳව ඇස්තමේන්තු කෙරන අතරවාරයේ, වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියත් පෙරට යන බවයි නිවේදනය කෙරුනේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.