බීබීසි ය වරද පිළිගනියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 10 සෙනසුරාදා - 17:21 GMT

කොන්සර්වටිව් පක්ෂයේ හිටපු දේශපාලන නායකයකුට එරෙහිව ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා කෙරෙන වාර්තාමය චිත්‍රපටයක් රුපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබීම වරදක් බව බීබීසි ය විසින් පිළිගෙන ඇත.

බීබීසි ය එහි වරද පිළිගනු ගැනීමත් සමඟ ගවේෂණශීලී මාධ්‍ය කලාව මුල්කරගත් අවුල තවත් දුෂ්කර අතට පෙරැලී තිබේ .

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විෂ්ල් (George Entwistle) අදහස් දක්වමින්, කොන්සර්වටිව් පක්ෂයේ හිටපු දේශපාලන නායකයා චෝදනාවට ලක් කෙරුන ඉහත කී වාර්තාමය චිත්‍රපටය විග්‍රහ කළේ, බීබීසි ය කෙරෙහි තබා ඇති විශ්වාශය පිළිබඳව මතුවී ඇති තවත් අර්බුදයක් හැටියටයි.

බීබීසී 'නිව්ස් නයිට්' විශේෂාංගය මගින් ප්‍රචාරය කෙරුන එම වැඩ සටහන අනුමත කළ නොහැකි බවයි බීබීසී අධ්‍යක්ෂ ජනරාල් වරයා කියා සිටින්නේ.

බීබීසී වැඩසටහන මගින් චෝදනා කෙරුනේ කොන්සර්වටිව් පක්ෂයේ භාණ්ඩාගාරික පදවියේ කලින් ක්‍රියා කළ මැක් ඇල්පයින් (Lord McAlpine ) සාමි වරයාටයි.

සාමිවරයා ඉහත කී ළමා ලිංගික චෝදනාවන්ට වැරදි ආකාරයට පටලවා ගෙන ඇති බවයි දැන් පැවසෙන්නේ.

ළමා ලිංගික අපරාධවලට හවුල් බීබීසී මාධ්‍යවේදියකු වූ අභාවප්‍රාප්ත ජිමී සැවිල් (Jimmy Savile ) පිලිබඳ තොරතුරු අනාවරණය කෙරෙන විශේෂාංගයක් ප්‍රචාරය නොකිරීම සම්බන්ධයෙන් ද බීබීසී නිව්ස් නයිට් වැඩසටහන පසුගියදා බලවත් මතභේදයකට මුහුණ දී තිබිණ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.