චීනයේ නව නායක ෂී ජින් පින් (Xi Jinping)

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 15 බ්‍රහස්පතින්දා - 14:22 GMT

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය දුෂණ සහ අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කළ යුතු බවත් පක්ෂය සහ මහජනතාව එකිනෙකාගෙන් දුරස්වීමෙන් පෑන නැගී ඇතී අර්බුධ විසඳා ගැනීමට යුහුසුළු විය යුතු බවත් නව චීන නායකයා ලෙස නම් කෙරුණු ෂී ජින් පින් (Xi Jinping) කියා සිටියි.

චීන පරිපාලනයේ අතිශයෙන් බලවත් පදවිය වන පක්ෂ නායකත්වයට මෙන්ම චීන රතු හමුදාවේ අණදෙන නිලධාරී ධුරයටද පත්වූ ෂී ජින් පින් (Xi Jinping) සිනහ මුසුව මහා ශාලා ගර්භයට ගමන් කළේ රැස්ව සිටි ජනතාව වෙත ආචාර කරමින්.

බිලියන එකයි දශම තුනක ජනාතාවකගේ නව ජනාධිපති ලෙස ඔහු නම් කෙරෙන්නේ ලොව දෙවනියට විශාලතම ආර්ථිකය ඇති චීනයේ සංවර්ධනය මන්දගාමී ප්‍රවණතාවකට යොමුවී ඇති අවස්තාවක බවයි දේශපාලන ව්ශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ.

චීන පරිපාලනය මෙහෙයවන අනාගත නායකතත්වය වන පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය හතක් දක්වා අඩුකර ඇති අතර, එයින් පස් දෙනෙකු නවකයින් වීම සුවිශේෂ කරුණක් බව ව්ශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.