හින්දු-පකිස්තාන් කණ්ඩායමකට රාජස්තාන් ප්‍රාන්තයේ වාසය කිරීමේ අවසරය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 16 සිකුරාදා - 13:22 GMT
Hindu protester in Rajastan

සිය මව්බිම වන පකිස්තානයේදී තමන්ට වධ හිංසා සිදු කෙරෙන්නේ යයි කියා සිටින, මේවනවිට එරටින් පළා ගොස් ඉන්දියාවේ සිටින හින්දු -පකිස්තාන් වැසියන් කණ්ඩායමකට රාජස්තාන් ප්‍රාන්තයේ වාසය කිරීමේ අවසරය හිමිවී තිබේ.

දෙසිය අසූවකට අධික එම හින්දු-පකිස්තාන් කණ්ඩායමට බටහිර රාජස්තාන් ප්‍රාන්ත නිලධාරීන් විසින් දිගුකාලීන වාස බලපත් දෙනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව බටහිර රාජස්තානයේ ජෝධ්පුර් (Jodhpur) අගනුවර තාවකාලික කඳවුරුවල ඔවුන් රඳවා තැබීමට නියමිතයි.

ඉහත කී කණ්ඩායම මින් මාස දෙකකට පෙර පකිස්තානයෙන් පිටවී තිබුනේ වන්දනා ගමනක් සඳහා වලංගු ඉන්දියානු වීසා ලබා ගනිමින්.

පකිස්තානය තුළ සන්නද්ධ කණ්ඩායම්වල සහ ආගමික අන්තවාදයේ නැගීමත් සමඟ, සුළු ජාතීන් අතර වැඩෙමින් ඇති අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම ඉහත කී ආකාරයේ පළායාම් වලට හේතු වී ඇති බවයි එරට මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.