''සැන්ඩි අයිලන්ඩ්' ' නම් දුපතක් සැබෑවට නොපවතියි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 22 බ්‍රහස්පතින්දා - 12:50 GMT

දකුණු ශාන්තිකර සාගරයේ 'සැන්ඩි අයිලන්ඩ්' යනුවෙන් දුපතක් සැබෑවට පවතින්නක් නොවන බව ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෝ පිරිසක් ප්‍රකාශ කරති.

ලොව පුරා භාවිතා වන නාවුක සිතියම් සහ අන්තර්ජාලයේ ගූගල් සිතියම් වල පවා 'සැන්ඩි අයිලන්ඩ්' නම් දූපතක් ඇති බවට සඳහන් වේ.

සිහින් බිම් තීරයකින් යුත් වැලි දූව හෙවත් 'සැන්ඩි අයිලන්ඩ්' නමින් හැඳින්වෙන මෙම දිවයින ඕස්ට්‍රේලියාව/ සහ ප්‍රංශ පාලනය යටතේ පවතින නව කැලිඩෝනියාව අතර කොරල් මුහුදේ පිහිටා තිබෙන බවයි සිතියම් වල සඳහන් වෙන්නේ.

ඒත් භූවිද්‍යා සමීක්ෂණයක් සඳහා එම ස්ථානයට ගිය සිඩ්නි සරසවියේ විද්‍යාඥයින් පිරිසකට දක්නට ලැබුනේ නිල් සයුර පමණි.

අතුරුදන් වී තිබෙන එම දුපත අඩු වශයෙන් දශකයකට වැඩි කාලයක් තුල ප්‍රකාශිත බොහෝ සිතියම් වල දක්නට තිබුණක්.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.