හිටපු ජනාධිපති නිකොලස් සර්කෝසි අධිකරණය හමුවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 22 බ්‍රහස්පතින්දා - 16:54 GMT

2007 ජනාධිපතිවරණයේ වියදම් සඳහා නීති විරෝධී අන්දමින් මුදල් ලබාගැනීම පිළිබඳව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති නිකොලස් සර්කෝසි අධිකරණය හමුවේ පෙනී සිටියි.

ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ ධනවත් කාන්තාවක වන ලිලියාන් බෙටෙන්කොට් ගෙන් ජනාධිපතිවරණයේ වියදම් සඳහා නීති විරෝධී අන්දමින් මුදල් ලබා ගත් බවටයි.

ප්‍රංශයේ බෝඩෝ ප්‍රදේශයේ විනිසුරුවරයෙක් චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති නිකොලස් සර්කෝසි ගෙන් කරුණු විමසා ඇත.

හිටපු ජනාධිපතිවරයා විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ හිටපු භාන්ඩාගාරිකවරයා එම වකවානුව තුල සිදු කරන ලද නීති විරෝධී ගනු දෙනු සම්බන්ධව එල්ල වූ චෝදනා හමුවේ නිල පරීක්ෂණ වලට මුහුණ දී සිටී.

ප්‍රංශ නීතිය අනුව පක්ෂ අරමුදල් සඳහා තනි පුද්ගලයෙකු විසින් වාර්ෂිකව ප්‍රධානය කල හැකි වන්නේ ඩොලර් නව දහස් පන්සියයක් පමණයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.