යසර් අරපත්ගේ සිරුර ගොඩ ගැනේ.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 24 සෙනසුරාදා - 13:37 GMT

පලස්තීනයේ හිටපු නායක යසර් අර්පත්ගේ සිරුර ලබන අඟහරුවදා ගොඩ ගැනීමට සැලසුම් කර තිබේ.

සිරුර ගොඩ ගැනීමට තීරණය කොට ඇත්තේ හිටපු නායක යසර් අර්පත්ගේ මරණයට හේතුව වස ශරීරගත වීමක්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇති සැකය නිරාකරණය කර ගැනීම සඳහා පැවැත්වෙන පරීක්ෂණයේ අංගයක් වශයෙන්.

ප්‍රංශය,ස්විස්ටර්ලන්තය සහ රුසියාව යන රටවලින් පැමිණෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් එය පරීක්ෂා කරනු ඇතැයි පලස්තීන බල අධිකාරය ප්‍රකාශ කළේය.

අනතුරුව දේහය බටහිර ඉවුරේ , රාමල්ලා නගරයේ දැනට මිහිදන් කර ඇති ස්ථානයේ, එදිනම යලි තැන්පත් කරන බවයි, පලස්තීන බල අධිකාරිය ප්‍රකාශ කරන්නේ.

2004 දී ප්‍රංශයේ රෝහලකදී මිය ගිය අර්පත්ගේ මරණයට හේතුව එදා නිශ්චිතව තීන්දු කර නොතිබිණ.

එහෙත් ඊශ්‍රායලය විසින් අර්පත්ට වස දෙන ලද බවට පලස්තීන නිලධාරීහු දිගුකලක සිට චෝදනා නගමින් සිටියහ.

ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

අර්පත්ගේ ඇඳුම්වල පොලෝනියම් නම් විකිරණශීලී ද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමකින් තිබුන බවට මේ වසර මුලදී වාර්තා පළවීමත් සමඟ, යලිත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රංශය පියවර ගෙන තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.