කාබුල් බැංකුවේ ප්‍රෝඩාවන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 28 බදාදා - 16:28 GMT
kabul bank

ඇෆ්ඝනිස්තානයේ අපකීර්තියට පත්ව ඇති කාබුල් බැංකුවේ සිදුව ඇති ප්‍රෝඩාවන් සම්බන්ධයෙන් සිදු කෙරුන නිල පරීක්ෂණයේ තොරතුරු ප්‍රකාශයට පත් වී ඇත.

කාබුල් බැංකුව ඉතා සූක්‍ෂම ලෙස,ඩොලර් කෝටි අනූවකට ආසන්න මුදල් සම්භාරයක් සොරකම් කර ඇති බවයි එම පරීක්ෂණය මගින් හෙළිදරව් වී තිබෙන්නේ.

ඇතැම් අවස්ථාවන්හි ඔවුන් මුදල් පිටකරගෙන තිබෙන්නේ,ගුවන්යානාවල අහාර තැබීමට පාවිච්චි කෙරෙන බන්දේසිවල සඟවා බවත් හෙළිදරව් විය.

මේ සොරකම වසන්කර ගැනීම සඳහා නිලධාරීන් බැංකුවේ ගනුදෙනු ඇතුළත් කෙරෙන පොත්වල පිටපත් දෙක බැගින් පවත්වා ගෙන ගොස් ඇති බවක්ද අනාවරණය වී ඇත.

එමගින් ඔවුන් කිසිදාක අයකර ගත නොහැකි වූ විශාල පරිමාණයේ ණය මුදල්,මුල්පෙළේ කොටස් හිමියන්ට නිකුත් කොට ඇති බවයි,පරීක්ෂනයේදී හෙළිදරව් වී ඇත්තේ.

බැංකු අධීක්ෂකයන් විසින් කාබුල් බැංකුවේ කටයුතු මනාව අධීක්ෂණය කොට නැතැයි චෝදනා කරන පරීක්ෂණ වාර්තාව, අපරාධ පරීක්ෂණයයේ දී දේශපාලන අතපෙවීම්ද සිදු වූ බව පෙන්වා දෙයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.