පලස්තීනයට බ්‍රිතාන්‍යය සහයෝගය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 28 බදාදා - 16:09 GMT
UN

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ රාජ්‍ය නොවන මට්ටමේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා පලස්තීනය ගෙනයන අරගලයේදී බ්‍රිතාන්‍යය ඔවුන්ට යම් කොන්දේසි යටතේ අනුග්‍රහය දැක්වීමට සූදානම් යයි විදේශ ලේකම් විලියම් හේග් කියා සිටී.

පලස්තීන පාර්ශවයෙන් ඇතැම් දේවල් සම්බන්ධයෙන් සහතික වීමක් සිදු කෙරුනොත්, සාමාජිකත්වය ලබාගැනීම සඳහා ඔවුන්ට බ්‍රිතාන්‍යයේ සහයෝගය ලැබෙන බවයි,විදේශ ලේකම්වරයා කියා සිටියේ.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශය කළේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව ඊශ්‍රායලයත් සමඟ සාකච්ඡා මේසයට යළි පැමිණෙන බවට මෙහිදී පලස්තීනය පැහැදිළි සහතික වීමක් සිදු කළ යුතු බවයි.

එවැනි එකඟතාවයකට පලස්තීනය එළඹෙන්නේ නැත්නම්, හෙට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමට බ්‍රිතාන්‍යය සහභාගී නොවන බවයි විදේශ ලේකම් හේග් කියා සිටියේ.

ප්‍රංශය සහ ස්පාඤඤය කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පලස්තීනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බවයි

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.