බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය දැඩි ස්වයං වාරණයකට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 නොවැම්බර් 29 බ්‍රහස්පතින්දා - 17:12 GMT

බ්‍රිතාන්‍ය ජනමාධ්‍යයේ ප්‍රමිතිය වසරක් තිස්සේ විභාග කළ ලෙවිසන් (Leveson) කොමිසම විසින් ජනමාධ්‍ය දැඩි ස්වයං වාරණයකට ලක් විය යුතු බවට නිර්දේශ කොට තිබේ.

වාර්තාව මගින් රටේ ඇතැම් පුවත්පත් වල ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කොට තිබිණ.

වාර්තාව නිකුත් කරමින් කොමිසමේ ප්‍රධානී ලෙවිසන් සාමි වරයා, ස්වාධීන නියාමන සභාවක අවශ්‍යතාව අවධාරණය කරමින් ප්‍රකාශ කළේ පුවත් පත් අහිංසක පොදු ජනතාවගේ ජීවිත අවුල් කොට ඇති බවයි.

ඉකුත් දශක දෙක තුළ බ්‍රිතානයේ සියලුම දේශපාලන පක්ෂ වල දේශපාලකයන් මාධ්‍ය ආයතන සමග පමණට වැඩි සබඳතා පවත්වා ඇති බවයි,ඔහු කියා සිටියේ

තම යෝජනා ව්‍යවස්ථාපිත නියාමනයක් නිර්දේශ නො කළත්, මාධ්‍ය නිදහස රැකීමේ වගකීම රජය සතු වන බව ඔහු කියා සිටියේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින්, ලෙවිසන් සාමි වරයා විසින් නියාමනය සඳහා ඉදිරිපත් කරන මුලධර්ම පිළිගන්නා බව කියා සිටි අගමැති ඩේවිඩ් කැමරන් දුරකථන වලට රහසේ සවන් දීම නිසා පීඩාවට පත් ජනතාව වත්මන් ස්වයං නියාමනය විසින් අත් හැර දමා ඇති බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා නිදහස් මාධ්‍යයට හානි පැමිණවීමේ ඉඩකඩ ඇති පනත් ගෙන ඒම සම්බන්ධයෙන් දේශපාලකයන් ප්‍රවේශම් වියයුතු බවත් ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.