කුවේට් මහමැතිවරණයේ ඡන්ද විමසීම ඇරැඹෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 1 සෙනසුරාදා - 14:22 GMT

කුවේට් මහමැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වෙයි.

මෙය කුවේටයේ මේ වසරේ පැවැත්වෙන දෙවන මහමැතිවරණයයි.

මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ කුවේට් එමීර්වරයා විසින් හඳුන්වා දෙනු ලැබූ නව මැතිවරණ නීතීය යටතේයි.

එමගින් ආණ්ඩුවට පක්ෂපාත ඡන්ද අපේක්ෂකයන්ට වාසි සැලසෙන බව පෙන්වා දෙන විපක්ෂය, මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

එබැවින් මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ දැඩි බෙදීමක් ඇති බව පවසන බී.බී.සී වාර්තාකරු, ආණ්ඩුවට වාසි සහගත පලාත්වල ඡන්දදායක සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි ප්‍රකාශ කළේ.

පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුන මහ මැතිවරණයෙන් ඉස්ලාම්වාදීන් සහ ලිබරල් මතධාරී විපක්ෂය ජයග්‍රහණය කළත්, පාලක එමීර්වරයා විසින් එම පාර්ලිමේන්තුව විසිරුවා හරින ලදී.

කුවේට් විපක්ෂය දිගටම කියා සිටින්නේ, රට තුළ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවයි.

අද පැවැත්වෙන මහමැතිවරණය දෙපාර්ශවය අතර බලය උරගා බැලෙන අවස්ථාවක් බවට පත්ව ඇති බවයි, බී.බී.සී වාර්තාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.