හමාස් නායකයාට ඉහළ පිළිගැනීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 8 සෙනසුරාදා - 16:55 GMT

හමාස් සන්නද්ධ ව්‍යාපාරයේ විසිපස්වැනි සංවත්සරයට සහභාගී වීමට පැමිණි, රටින් පිටව සිටි එහි නායක කාලිඩ් මෙෂාල්ට අති විශාල පිළිගැනීමක් ලැබී තිබේ.

ගාෂා තීරයේ පැවැත්වුන සංවත්සර රැලියකට සහභාගී වීමට පැමිණි හමාස් නායකයා ධජ පතාක රැගත් දශදහස් සංඛ්‍යාත පලස්තීන ජාතිකයන් විසින් උණුසුම් ආකාරයට පිළිගනු ලැබුන බවයි වාර්තා වන්නේ.

හමාස් ව්‍යාපාරය විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල කරන ලද රොකට්ටුවක ආකෘතියක්ද එක්කොට ඉදිකර තිබුන වේදිකාවක සිට ගාෂා තීරයේ අගමැති, ඉස්මයිල් හනියේ ඇතුළු කථිකයන් කීපදෙනකුට පසුව කාලිඩ් මෙෂාල් මහජන රැලිය අමතා කතා කළේය.

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් පලස්තීනයෙන් බැහැරව සිටි කාලිඩ් මෙෂාල් ඊයේ සිකුරාදා යළි සිය භූමියට ලඟා විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.