සිරියාව රසායනික ආයුධ පාවිච්චියට සැරසෙන බවට බ්‍රිතාන්‍යයෙන් චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 8 සෙනසුරාදා - 16:46 GMT

සිරියානු ආණ්ඩුව රසායනික අවි ආයුධ පාවිච්චියට සැරසෙමින් සිටින බව දැක්වෙන රහස් ඔත්තු වාර්තා තමාට දක්නට ලැබුන බව බ්‍රිතාන්‍ය විදේශ ඇමති, විලියම් හේග් කියා සිටියි.

බී.බී.සිය සමඟ පැවැත්වුන සාකාච්ඡාවකදී අදහස් දැක්වූ විදේශ ලේකම්වරයා, ඊට අදාළ වැඩිමනත් තොරතුරු ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළේය.

එහෙත් රසායනික අවි ආයුධ පාවිච්චි කළොත් උද්ගත විය හැකි බරපතළ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සිරියානු බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කිරීම සඳහා, තමන් දුටු සාක්ෂි ඇමෙරිකා එක්සත් ජනපදයට සහ බ්‍රිතාන්‍යයට ප්‍රමාණවත් බවයි ඔහු පවසන්නේ.

මේ අතර, ගල්ෆ් කලාපයේ ක්‍රියාත්මක වෙන බටහිර යුද ආරංචි මාර්ග මගින් බී.බී.සියට දැන ගන්නට ලැබුනේ, සිරියාවේ රසායනික අවි ආයුධ ගුවන් හමුදා කඳවුරු පහක සුදානමින් තබා ඇති අතර, ඒ ගැන බටහිර රාජ්‍ය විපරමින් සිටින බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.