බ්‍රිතාන්‍ය හෙදියගේ මරණය ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන්ගේ කම්පාව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 11 අඟහරුවාදා - 12:00 GMT
Australian journalists

ජසින්තා සදන්හා හෙදියගේ මරණය ඇසීමෙන් තමන් බලවත් කම්පාවට පත් වූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් දෙදෙනා පවසති

බ්‍රිතාන්‍ය විලියම් කුමරුගේ ගර්භනී බිරිඳ රෝහල් ගත කරනු ලැබ සිටියදී රැජින සහ චාර්ල්ස් කුමරු හැටියට එම රෝහලට ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි මාධ්‍යවේදියා සහ මාධ්‍යවේදිනිය, එම දුරකතන ඇමතුම් මුල්කර ගනිමින් හෙදියක මරණයට පත්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කම්පාව පළ කළහ.

එම ව්‍යාජ දුරකථන ඇමතුම් රැජිනගේ සහ චාර්ල්ස් කුමරුන්ගෙන් යයි රැවටී ඊට පිළිතුරු දුන් හෙදිය ඉන් දින තුනකට පසුව හදිසියේම මරණයට පත් වූ අතර, එය ලොවපුරාම බලවත් කම්පාවකට හේතු විය.

එම සිද්ධියෙන් අනතුරුව පළමු වතාවට සාකච්ඡාවකට සහභාගි වූ ව්‍යාජ දුරකථන ඇමතුම් දුන් ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදීන් දෙදෙනා කඳුලින් යුතුව කියා සිටියේ ජසින්තා සදන්හා (Jacintha Saldanha) හෙදියගේ මරණය ඇසීමෙන් තමන් බලවත් කම්පාවට පත් වූ බවයි.

ඇය බ්‍රිතාන්‍යයේ සේවය කළ ඉන්දීය සම්භවයකින් යුත් හෙදියක්.

තම ක්‍රියාව මෙවැනි ඛේදවාචකයකට හේතු වෙතැයි කිසිදාක නොසිතූ බව කියා සිටි මාධ්‍යවේදීන් දෙදෙනා, තමන්ගේ ව්‍යාජ දුරකථන ඇමතුම කේම්බ්‍රිජ් ආදිපාදවරිය වෙත යොමු කරනු ලැබීමට පෙර රෝහල් කාර්ය මණ්ඩලය විසින් එය විසන්ධි කරනු ඇතැයි තමන් සිතූ බව ද පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.