ඉන්දියාවේ ලිංගික අතවර මැඩලීමේ විධි විධාන

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 19 බදාදා - 14:42 GMT
India rape

මගී බස්රථ තුළදී කාන්තාවන්ට සිදුකෙරෙන ලිංගික අතවර මැඩලීමේ විධි විධාන පද්ධතියක් ඉන්දීය ආණ්ඩුව නිවේදනය කරයි.

ඉන්දියාවේ ලිංගික අතවර මැඩලීමේ පියවර ගෙන ඇත්තේ දිල්ලි අගනුවර බස් රථයකින් ගමන් ගනිමින් සිටි තරුණ කාන්තාවක්,පසුගිය ඉරිදා කණ්ඩායමක් විසින් දූෂණය කරනු ලැබීමේ සිද්ධියකින් පසුවයි.

එම අපරාධයත් සමඟ එවැනි ක්‍රියාවන්ට එරෙහිව ඉන්දියානු කාන්තාවන් අතරින් විශාල විරෝධතා ව්‍යාපාරයක් පැන නැගීමට හේතු විය.

දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාරවලට එක්ව සිටි කාන්තාවන් හඬ නගමින් කියා සිටියේ,තමන්ට එරෙහිව එල්ල කෙරෙන ලිංගික අතවරවලින් බේරීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.