UBS ස්විස් බැංකුවට දඩ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 19 බදාදා - 15:19 GMT
UBS bank

ඇමෙරිකා එක්සත් ජනපදයේ,බ්‍රිතාන්‍යයේ සහ ස්විට්සර්ලන්තයේ බැංකු නියාමකයන් සඳහා ඩොලර් කෝටි එකසිය පණහක වන්දියක් ගෙවීමට UBS ස්විස් බැංකුව එකඟ විය.

ලෝකය පුරාම බැංකු ගනුදෙනුවලදී පොලී අනුපාතය තීන්දු කෙරෙන ලියිබෝර් (Libor)පොලී අනුපාතය වංචනික ලෙස හැසිරවීම හේතුවෙනුයි, UBS ස්විස් බැංකුවට එවැනි ගෙවීමක් කිරීමට සිදු වුනේ.

UBS බැංකුවේ ජපන් කාර්යාලය ද ඇතුළුව, බැංකු නියාමක ආයතන ගණනාවක් ම, උගස් සහ ණය ඇතුළු විවිධ ගනුදෙනුවලදී පොලී අනුපාතය අනවසරයෙන් වංචාකර තිබුනි.

වංචනික ගනුදෙනුවල නිරතවීම සම්බන්ධයෙන්,බැංකුවකට නියම කෙරුන දෙවන මට්ටමේ විශාලම දඩය මෙයයි.

බාර්ක්ලෙස් බ්‍රිතාන්‍ය බැංකුව ඇතුළු තවත් බැංකුවලටත් ලියිබෝර් (Libor)පොලී අනුපාතය වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර,බාර්ක්ලෙස් බැංකුවට ඩොලර් කොටි හතළිහක දඩයක් ගෙවීමට සිදුවිය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.