සටන් කළ අතින් පරිණාමයේදී වැඩි වාසි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 20 බ්‍රහස්පතින්දා - 18:12 GMT

මෙවලම් සකස් කිරීමට පමණක් නොව, සටන් කිරීමට පවා මිනිස් හස්තය පරිණාමය වූයේ යැයි අලුත්ම අධ්‍යයනයකින් යෝජනා වී ඇති බව ප්‍රකාශයට පත් වී ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ උටා සරසවියේ පරිණාම විද්‍යාඥයන් විශ්වාස කරන පරිදි, ආයුධයක් ලෙසින් පාවිච්චි කළ හැකි අත් ස්වභාවික වරණයේදී වැඩි වාසි ලද අතර කලහකාරීත්වය මානව වර්ධනයේදී පෙරදී පිළිගැනුණු ආකාරයට වඩා විශාල කාර්ය භාරයක් ඉටු කොට ඇති බවද අනාවරණය වී තිබේ.

මිටි හැඩය නිසා අත මිට මෙලවීම අපේ ළඟම වානර ඥාතියා ට වඩා මිනිසාට පහසු කාරියක් වූ බව පවසන මෙම විද්‍යාඥයන් තම නවතම සොයාගැනීම පරීක්ෂා කිරීම සඳහා අත්හදා බැලීම් සිදු කළේ සටන් කලා ක්‍රීඩකයන් ඇසුරේයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.