ලෝක විනාශයක් පිළිබඳව මහ ජනකායක් බියෙන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 21 සිකුරාදා - 16:46 GMT
End of the world

2012 වසරේ දෙසැම්බර් 21 වැනිදා මධ්‍යාහ්න එකොළහෙන් පසුව ලෝක විනාශය සිදුවන බවට පුරෝකථන පළකරනු ලැබ තිබිණ

2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශයක් සිදුවෙතැයි අනාවැකි කියන්නන් දහස් ගණනින් ලොවපුරා විවිධ ස්ථානයන්හි රැස්වෙමින් සිටියහ.

එම අනාවැකි පළ කෙරුනේ, පෞරාණික මායා දින දර්ශනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන අර්ථ විග්‍රහ පදනම් කර ගනිමින්.

ඒ විනාශය 2012 වසරේ දෙසැම්බර් 21 වැනිදා මධ්‍යාහ්න එකොළහෙන් පසුව සිදුවන බවට පුරෝකථන පළකරනු ලැබ තිබිණ.

ලෝක ජනගහනයෙන් සියයට දහයකට ආසන්න ජනකායක් ඒ පිළිබඳව බියෙන් සිටි බවද හෙළිවී තිබේ.

එහෙත් මායා දිනදර්ශනය පිළිබඳ විශාරදයන් දක්වන ආකාරයට එම දින දර්ශනය මගින් සැබෑලෙසම පුරෝකථනය කෙරෙන්නේ නව යුගයක සමාරම්භයක් පිළිබඳවයි.

මේ අතර නිවේදනයක් කරන ඇමෙරිකානු නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලෝක විනාශයක් සම්බන්ධයෙන් පළවෙමින් පවතින අනාවැකි බැහැර කළේ එය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බියක් හැටියට විග්‍රහ කරමින්.

අද ලෝක විනාශයක් සිදුවෙතැයි සිතන්නන් වැඩි වශයෙන් එක්රැස්ව සිටියේ මෙක්සිකෝවේ පෞරාණික මායා ආගමික නටබුන් පිහිටි තැන්වල සහ මධ්‍යම ඇමෙරිකානු රටවලයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.