අතුරුදහන් කිරීම් නතර කිරීමේ අලුත් මානව හිමිකම් නීතියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 22 සෙනසුරාදා - 15:49 GMT

පිලිපීනයේ බලහත්කාරයෙන් සිදු කෙරෙන අතුරුදහන් කිරීම් නතර කිරීමේ අරමුණින් කෙටුම්පත් කළ අලුත් මානව හිමිකම් නීතියක් බලාත්මක වීම ඇරඹෙයි.

නව නීතිය යටතේ පිලිපීනයේ ඕනෑම ප්‍රාන්තයක මහජනතාවට සිදුකෙරෙන හිරිහැර හෝ පැහැරගැනීම් ආදියට වගකිවයුතු නිලධාරීන් සිරගත කිරීමට අවස්ථාව ලැබේ.

රහසිගත රැඳවුම් මධ්‍යස්ථාන ආදිය පවත්වා ගැනීමත් ඉහත කී නීතිය යටතේ තහනම් කෙරේ.

1970 සහ 80 දශකවල මාකෝෂ් පාලන සමයෙහි, විපක්ෂයේ ක්‍රියාධරයන් දහස් ගණනින් අතුරුදහන් කෙරී ඇතැයි සැළකේ. එසේ අතුරුදහන් කෙරුන වැඩිදෙනා ,රහ‍සිගත සිරගෙවල් තුළ සිර කරනු ලැබ වධ හිංසාවන්ට ලක් කරන ලද බවයි පැවසෙන්නේ.

දෙසම්බර් 22 දා පිලිපීනයේ නීතිගත කෙරුන නව වැඩ පිළිවෙල, ආසියානු රටක එවැනි පියවරක් ගනු ලැබූ පළමු අවස්ථාව යයි පවසමින් , මානව හිමිකම් සංවිධාන විසින් ඇගයීමට ලක් කොට තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.