සිරියාව සතු රසායනික අවි සියල්ල එක්රැස් කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 22 සෙනසුරාදා - 14:48 GMT

සිරියාව සතු රසායනික අවි ආයුධ සියල්ල , බලධාරීන් විසින් මධ්‍යස්ථාන එකකට හෝ දෙකකට එක්රැස් කරනු ලැබ ඇතැයි, රුසියාවේ විදේශ ඇමති, සෙර්ගේයි ලව්රෝෆ් (Sergei Lavrov) ප්‍රකාශ කරයි.

රටපුරා අවි ගබඩා රාශියක තැන්පත් කර තිබුන රසායනික අවි, සන්නද්ධ කණ්ඩායම් අතට පත්වීම වැලැක්වීමේ පියවරක් ගනිමින්, දමස්කස් පාලනය ඒවා යළි ස්ථානගත කිරීමක් සිදු කරනු ලැබ ඇති බවයි ,රුසියාවේ විදේශ ඇමතිවරයා පවසන්නේ.

සිරියානු පාලනය ඔවුන්ට එරෙහිව සටන් වැද සිටින කැරලිකරුවන්ට පහර දීම සඳහා රසායනික අවි යොදා ගැනීමේ අවදානමක් ඇති බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ තවත් රටවල් මැසිවිළි පළකිරීමෙන් අනතුරුවයි, සෙර්ගේයි ලව්රෝෆ්ගේ අදහස් ප්‍රකාශයට කෙරුනේ.

ජනාධිපති අල් අසාද්ට සිරියාවෙන් පිටව යාම සඳහා ආරක්‍ෂිත මාර්ගයක් සකස් කරදෙන මෙන්, රටවල් කීපයක්ම රුසියාවෙන් ඉල්ලා ඇති නමුත්, රුසියාව හෝ චීනය බලකළත් සිරියානු නායකයා ඔහුගේ රට හැර නොයනු ඇතැයි ද රුසියාවේ විදේශ ඇමතිවරයා පැවසුවේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.