ජපාන අගමැති නව කැබිනට් මණ්ඩලය නම් කරයි.

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 26 බදාදා - 16:59 GMT
ජපානයේ නව අගමැති ශින්ෂෝ  අබේ

ජපානයේ නව අගමැති ශින්ෂෝ අබේ

ජපානයේ නව අගමැති ශින්ෂෝ අබේ සිය කැබිනට් මණ්ඩලය නම් කළේය. විශේෂ කැබිනට් පත් කිරීමක් වුනේ හිටපු අගමැතිවරයකු වන, තාරෝ අසෝ මුදල් ඇමති පදවිය සඳහා තෝරා ගැනීමයි. ශින්ෂෝ අබේ නව අගමැති වරයා හැටියට පාර්ලිමේන්තුව විසින් සහතික කරනු ලැබීමෙන් අනතුරුවයි , නව කැබිනට් මණ්ඩලය නම් කෙරුණේ.

පසුගිය මහා මැතිවරණයේදී ජපන් ලිබරල් ප්‍රජාතන්ත්‍රීය පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

2006 සහ 2007 වසර වලත් ජපානයේ අගමැති පදවියේ කටයුතු කළ ශින්ෂෝ අබේ, න්‍යෂ්ඨික බලයට පක්ෂපාත ජපන් ජාතිකවාදියකු හැටියට ද ප්‍රසිද්ධ දේශපාලනඥයෙක්.

චීනයත් සමඟ පවතින දේශ සීමා අර්බුදයේදී දැඩි පිළිවෙතක් ගන්නා බවට ඔහු ප්‍රතිඥාවක් දී තිබෙන නමුත් චීනය කියා සිටියේ දෙරට අතර යහපත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා පවත්වා ගැනීම තම උවමනාව බවයි.

එසේම ජපානය සාමකාමී සංවර්ධන මාවතක ඇලී සිටිනු ඇත යන්න සිය බලාපොරොත්තුව වන බවත් චීනය ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.