හිටපු ක්‍රිකට් නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 දෙසැම්බර් 29 සෙනසුරාදා - 13:07 GMT

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු විය.

හර්දයාබාධයකින් ටෝනි ග්‍රේග් මිය ගියේ ඔස්ට්‍රලියාවේ සිය නිවසේ සිටියදී යි.

මාස කිහිපයකට උඩදී තමා පෙනහළු පිළිකාවකින් පෙලෙන් බව ටෝනි ග්‍රේග් අනාවරණය කළේය.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ටෝනි ග්‍රේග්, සිය දෙමව්පියන් බ්‍රිතාන්‍ය ජාතිකයන්වීම නිසා එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබුවේය.

අනතුරුව තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ඔහු 1975 දී එංගලන්ත ක්‍රිකට් පිලේ නායකයා බවට පත් විය.

1970 අග භාගයේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ලැබූ ටෝනි ග්‍රේග් ඔස්ට්‍රලියාවේ පදිංචි වූ අතර එතැන් සිට ඉතා ජනප්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරකයෙකු වශයෙන් ලොව පුරා ජනප්‍රිය විය.

ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකාවේ ද ඉතාමත්ම ජනප්‍රිය චරිතයක්. ඔහු ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරු රොමේෂ් කලුවිතාරණ හඳුන් වන ලද්දේ 'ලිට්‌ල් කළු' - little Kalu යනුවෙන්.

ටෝනි ග්‍රේග් ගේ අභාවය ගැන සංදේශයට අදහස් දැක්වූ රොමේෂ් කලුවිතාරණ පැවසුවේ ඔහු ශ්‍රී ලාංකිකයකු නොවුවත් ශ්‍රී ලාංකිකයකු තරමටම ඉතාමත්ම සමීප වූ චරිතයක් බවයි.

තමන් හා සනත් ජයසුරියගේ පිති හරඹ විලාශය ලෝක ක්‍රිකට් ප්‍රෙක්ෂක සමුහය වෙත ඉදිරිපත් කිරීමට ටෝනි ග්‍රේග් ගේ සජීව විස්තර කථනයන් මහත් සේ දායක වූ බවත් රොමේෂ් කලුවිතාරණ ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.