බදු සහන සහ අය වැය කප්පාදු වහාම අනුමත කරන්න - ජනාධිපති ඔබාමා මන්ත්‍රණ මණ්ඩල නියෝජිතයන්ගෙන් ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 1 අඟහරුවාදා - 16:45 GMT

ඇමරිකානු සෙනෙට් සභාව විසින් අනුමත කරන ලද බදු සහන සහ අය වැය කප්පාදු වහාම අනුමත කරන්නැයි ජනාධිපති බරක් ඔබාමා මන්ත්‍රණ මණ්ඩල නියෝජිතයින් ගෙන් ඉලීමක් කොට තිබේ.

මන්ත්‍රණ මණ්ඩල නියෝජිතයින් ගේ අනුමැතිය ලබා ගැනීම තුලින් බදු වැඩි කිරීම වලක්වා ගත හැකි බව කියා සිටි ජනාධිපති බරක් ඔබාමා අනෙක් අත‍ට අනුමැතිය නොලැබුනහොත් අලුත් බදු මේ වසරේ උදාවත් සමගම ක්‍රියාවට නැංවෙන බව ප්‍රකාශ කළේය.

ජනාධිපති බරක් ඔබාමා කියා සිටීන්නේ සෙනෙට් සභාව විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රියාවට නැගීම තුලින් ධනවතුන් ගෙන් නිසි ලෙස බදු අය කර ගත හැකී වනු ඇති බවයි .

රිපබ්ලිකන්වරුන් පැවසුවේ මෙම යෝජනා තමන් හදාරමින් සිටින බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.