මලාලා යුසුෆායි දැරිය රෝහලෙන් පිටවේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 4 සිකුරාදා - 16:59 GMT
Malala Yousufzai

හිස් කබලේ තවත් ශල්‍ය කර්මයකට භාජනය වීම පිණිස මලාලා දැරිය යලිත් වරක් රෝහල් ගත කිරීමට නියමිතයි

පකිස්තාන දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීම හේතුවෙන් තාලිබාන් ව්‍යාපාරය විසින් හිසට වෙඩි තබා මරා දැමීමට තැත් කළ මලාලා යුසුෆායි දැරිය සති ගණනාවක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය රෝහලකින් පිටව ගියාය.

මධ්‍යම එංගලන්තයේ පිහිටි ඔවුන්ගේ තාවකාලික නිවසේදී ඇගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කෙරෙන බවයි, වෛද්‍යවරුන් පවසන්නේ.

ඇයගේ හිස් කබලේ තවත් ශල්‍ය කර්මයකට භාජනය වීම පිණිස මලාලා දැරිය යලිත් වරක් රෝහල් ගත කිරීමට නියමිතයි.

තාලිබාන් ව්‍යාපාරය විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇයට වෙඩි තැබීම පාකිස්තානයේ මෙන්ම ලොව පුරාද මහත් ආන්දෝලනයකට ලක්වූ අතර, ඇයට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන මෙන් ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාල පෙත්සමකට ද අත්සන් තබා තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.