බ්‍රිතාන්‍ය කතිර කොඩිය ඔසවා නොතැබීමට තීන්දු කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 9 බදාදා - 18:09 GMT

බ්‍රිතාන්‍ය කතිර කොඩිය තව දුරටත් වසර පුරාම ඔසවා තබන්නේ නැති බවට තීන්දු කෙරේ.

රාත්‍රී හයක් තිස්සේ පැවැති ප්‍රචණ්ඩ ක්‍රියා වලින් අනතුරුව උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් අගනුවර නගර සභා ශාලාව මත්තේ බ්‍රිතාන්‍ය ධජය අද දවසේ නංවා තිබිණ.

අද බ්‍රිතාන්‍ය ධජය ඔසවනු ලැබුයේ එලිසබත් රැජිනගේ මුනුපුරු විලියම් කුමාරයාගේ බිරිය කේට් ගේ උපන් දිනය නිමිත්තෙන්.

කෙසේ වෙතත් එය අද සවස පහළ හෙලනු ලැබීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය රාජාණ්ඩු වාදීන් කොඩිය සම්බන්ධ නව සැලසුම් වලට සති ගණනාවක් තිස්සේ විරෝධය පාමින් සිටි අතර ඇතිවූ ගැටුම් වලින් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම තුවාල ලැබුහ.

සියයකට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැණින.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.