චීනයේ බේජිං නුවර වායු දූෂණය නරකම මට්ටක

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 12 සෙනසුරාදා - 17:13 GMT

චීනයේ, බේජිං අගනුවර, වායු දූෂණය වසර කීපයකින් වාර්තා වූ නරකම මට්ටමට ලඟා වී තිබේ.

නිල මිනුම්වලට අනුව, වායු දූෂණය සාමාන්‍ය මට්ටම ද ඉක්මවා ඇති හෙයින්, සියලුම ළමුන් සහ වැඩිහිටියන්ට නිවෙස් තුළ රැඳී සිටින මෙන් උපදෙස් දී ඇත.

බේජිං නගරය දින කීපයක පටන් අපද්‍රව්‍ය සහිත ඝන දුමාරයකින් වැසී ඇතැයි පවසන එහි සිටින බී.බී. සී වාර්තාකරු , වාතයෙහි ගල් අඟුරු සහ රථ වාහන දුමෙහි රසයක් දැනෙන අතරම, නිවාස ඇතුළේත් දුමාරයක් සහිත තත්වයක් පවතින බවයි ප්‍රකාශ කරන්නේ.

පරිසර දූෂණය මගින් වායුවට එක්වෙන කුඩා අංශු , ස්වසන ආබාධ වලට ද ,හෘද රෝග සහ පෙනහළු පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවීමට ද හේතු වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.