ඇෆ්ඝනිස්තානයේ බෝම්බ ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 16 බදාදා - 14:46 GMT
Afghanisthan

ෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර මධ්‍යයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.
එහිදී තවත් තිස් දෙනකු තුවාල ලබා තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ රහස් ඔත්තු සේවා කාර්යාලය අසලදී ප්‍රහාරකයන් පස් දෙනකු විසින් පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් මෝටර් රථයක් පුපුරුවා හැරියහ.
එම පිපිරීමේ හඬ මුළු නගරය පුරා දෝංකාර දුන් අතර,ඉන් අනතුරුව දීර්ඝ වෙලාවක් වෙඩි හඬද ඇසුනි.

මෝටර් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය අතර,ආරක්ෂක නිලධාරීන් විසින් අනෙක් ප්‍රහාරකයන්ට වෙඩි තමා මරා දැමූ බවයි,බලධාරීන් පවසන්නේ.
තමන් එම ප්‍රහාරය එල්ල කළ බව,තාලිබාන් ව්‍යාපාරය විසින් පිළිගෙන ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.