මාලි රාජ්‍යයේ වීදි සටන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 16 බදාදා - 14:31 GMT
mali

මාලි රාජ්‍යයේ බටහිර දියාබ්ලේ නගරයේ මාලි ආරක්ෂක හමුදා සමඟ එකාබද්ධව ප්‍රංශ හමුදා ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව වීදි සටන්වල යෙදී සිටින බව බලධාරීන් පවසති.
මාලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශය පාලනය කරන ඉස්ලාමීය කැරලිකරුවෝ පසුගිය සඳුදා දියාබ්ලේ නගරය අත් පත් කරගත්හ.


මේ අතර ඉස්ලාමීය කැරලිකරුවන්ගේ ඉලක්කවලට ප්‍රංශ ප්‍රහාරක යානා හය වෙනි දිනයේත් ප්‍රහාර එල්ල කරමින් සිටිති.

තම ආරක්ෂක හමුදා පසුගියදා මෙම ගැටුමට මැදිහත් නොවූයේ නම්,තත්ත්වය ඉතා බරපතල විය හැකිව තිබුණු බවයි,ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා හොලොන්ද් පවසන්නේ.
ප්‍රංශ ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය නම් කාර්ය සම්පාදනයෙන් සහාය වීමට සූදානම් නමුත්, ගැටුමට කෙලින්ම මැදිහත් නොවන බව,ඉතාලි බලධාරීහු පවසති.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.