උතුරු බුරුමය තවමත් සන්සුන් නැහැ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 19 සෙනසුරාදා - 16:26 GMT

මෑතක දී බුරුම හමුදාව කචින් පළාතේ යුද මෙහෙයුමක් දියත් කර තිබුණි.

රජය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළත් වාර්තා වන ආකාරයට උතුරු දිග බුරුමයේ තවමත් පූර්ණ සාමකාමී තත්වයක් උදාවී නැතැයි වාර්තා වේ.

එහි වෙසෙන වාර්ගික සුළුතර කැරළිකරුවන්ට එරෙහිව යුද හමුදාව මෑතක දී මෙහෙයුමක් දියත් කර තිබුණි.

කචින් කැරළිකරුවන්ගේ බලකොටුවක් වන චීන දේශ සීමාවේ පිහිටි ලෛසා පළාතේ සිටින බීබීසී වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ සටන් මුළුමනින්ම නැවතී ඇති බවයි. නමුත් කචින් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවල තැනින් තැන යුද හමුදා ක්‍රියාකාරකම් දක්නට ලැබුණු බවයි ඔහු පවසන්නේ.

ප්‍රාන්තයේ පවතින දිගුකාලීන අර්බුදය 2011 වසරේ දී යළිත් ඇවිල යන්නට පටන් ගත් අතර එම නිසා බුරුමයේ දේශපාලන සංශෝධනවලට බාධා පැමිණ ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.