දූෂණයට එරෙහිව දැඩි පියවර - චීනයේ නව නායකයා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 22 අඟහරුවාදා - 14:22 GMT
Xi Jingping (R)

චීන නිලධාරීන් ගේ දූෂණ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම සඳහා සමාජය වෙතින් නව නායකයාට බලපෑම් එල්ල වන බව වාර්තා කරුවෝ පවසති

චීන සමාජය තුල පැතිර තිබෙන දුෂණය සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව චීන කොමියුනිස්ට් පක්ෂයේ නව නායක ශී ජින්ග්පින්ග් (Xi Jinping) ප්‍රකාශ කරයි.

ජනාධිපති තනතුරට පත් වීමට නියමිතව සිටින ශී ජින්ග්පින්ග් පවසන්නේ කොටියන් මෙන්ම මැස්සන් සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන් සූදානම් බවයි.

ඉහළ තනතරු දරන නිලධාරීන් මෙන්ම කනිෂ්ට නිලධාරීන් ද විමර්ශනයට ලක් කරන බව ද නව පක්ෂ නායකයා කියා සිටියේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ පැවැත්මට දූෂණය දැඩි තර්ජනයක් වී ඇති බව ඔහු මීට පෙර පවසා තිබිණ.

ඉහළ පෙළේ චීන නිලධාරීන් ගේ දූෂණ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීම සඳහා සමාජය වෙතින් නව නායකයාට බලපෑම් එල්ල වන බව වාර්තා කරුවෝ පවසති.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.