සිරියානු යුධ අනාථයන් රැකවරණ පතා ජෝර්දානයට

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 24 බ්‍රහස්පතින්දා - 18:35 GMT
syria

දිනකට තුන් දහසකට අධික සිරියානු යුධ අනාථයන් පිරිසක් රැකවරණ පතා ජෝර්දානයට පලා එන බව ජෝර්දානයේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළධාරීහු පවසති.

එමෙන්ම හැට දහසකට අධික පිරිසක් දේශ සීමාව තරණය කිරීමට අවස්ථාව ලැබෙනතුරු සුදානමින් සිටින බවයි ජෝර්දානයේ සිටින එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ඇන්ඩෘ හාපර් බීබීසීයට ප්‍රකාශ කොට සිටියේ.

ජෝර්දානයේ සිටින බීබීසී වාර්තාකරු කියා සිටියේ සිරියානු යුධ අනාථයන් වෙනුවෙන් ජෝර්දානයේ පිහිටුවා තිබෙන ප්‍රධාන කඳවුරට ගළා එන පිරිස නිසා සම්පත් හිඟවීමේ අවදානමකට මුහුණපා ඇති බවයි.

මේ වන විට එම කඳවුර තුළ හැත්තෑ දහසකට අධික පිරිසක් ලැගුම් ගෙන සිටිති.

ඉන් විසි පන් දහසකට අධික පිරිසක් කඳවුර කරා පැමිණ ඇත්තේ නව වසර උදා වීමෙන් අනතුරුවයි.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.