ළමා අපචාර 'වසන් කළ' කාදිනල් හිමි ඉවත් කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 1 සිකුරාදා - 13:09 GMT
Kadinal Mahoni

කතෝලික සභාවේ ළමා අපචාර වසන් කිරීමට ජ්‍යෙෂ්ට පූජක වරුන් ක්‍රියාකළ සමයේ ඔවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහෝනි කාදිනල් හිමියන්

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන රෝමානු කතෝලික සභාවේ හිටපු අධිපති කාදිනල් රොජර් මහෝනි, ආගමික සභාවේ සියලු නිළ කටයුතු වලින් ඉවත් කෙරෙන බව කතෝලික සභාව නිවේදනය කළේය.

බටහිර ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි කතෝලික පූජක වරුන් විසින් සිදු කරන ලද ළමා ලිංගික අපචාර වසන් කිරීමට ජ්‍යෙෂ්ට පූජක වරුන් ක්‍රියාකළ වකවානුවේ ඔවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මහෝනි කාදිනල් හිමියන්.

කාදිනල් මහෝනි හිමි නිළ කටයුතු වලින් ඉවත් කිරීමේ තීරණය ප්‍රකාශයට පත්ව ඇත්තේ ළමා අපචාර චෝදනා වන්ට ලක්වූ පුජකවරුන් ගේ පෞද්ගලික තොරතුරු අඩංගු ලිපි ගොණු ප්‍රසිද්ධියට පත් කෙරෙන අවස්ථාවේදීයි.

කාදිනල් වරයා මෙයට දෙවසරකට පෙර විශ්‍රාම ගිය අතර, කාදිනල් වරයාට දුන් දඬුවම ප්‍රමාණවත් නොවන බවට අපචාරයන්ට ගොදුරු වූවෝ චෝදනා කරති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.