ළමා අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා - 17:10 GMT

විශේෂයෙන් පාසල්වලත්, රජයෙන් පාලනය වන ළමා සුරැකුම් ආයතනවලත් දරුවන්ට එරෙහිව බහුල වශයෙන් සිදු කැරෙන අපචාර වලක්වාලීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

සෑම වසරක් පාසාම ළමා ලිංගික දූෂණ හත් දහසකට වඩා වාර්තා වන බවයි එම සංවිධානය පවසන්නේ.

කෙසේ වෙතත්, විශේෂඥ මතය නම් සංඛ්‍යාව ඊටත් ඉහළ බවයි.

ලිංගික පීඩාවට පත් දරුවන් පොලිසියේ නොමනා සැලකිල්ලටත්, අපහාසයටත් බොහෝ විට ලක් වන බවයි වාර්තා වන්නේ.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ මීනක්‍ෂි ගංගුලි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියේ පවත්නා නීති ක්‍රියාවේ යොදවන ලෙස හා තත්වය පාලනය කිරීම සඳහා නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන ලෙසයි.

ළමා ලිංගික දූෂණ ඉන්දියාවට පමණක් සීමා වූ අපරාධයක් නොවන බවයි මීනක්‍ෂි ගංගුලි වැඩි දුරටත් කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.