හමාස් හා ෆටා සංවිධානය අතර හවුල් ආණ්ඩු සාකච්ඡා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 7 බ්‍රහස්පතින්දා - 14:19 GMT

පලස්තීනයේ හමාස් සංවිධානය හා ජනාධිපති මහමුඩ් අබ්බාස් ගේ නායකත්වයෙන් යුත් ෆටා සංවිධානය අතර හවුල් ආණ්ඩුවක් පිහිටුවීම අරමුණු කොටගෙන තමන් ජනාධිපති වරයා සමග සාකච්ඡා පවත්වමින් සිටින බව හමාස් නායක කාලිඩ් මෙච්චාල් (Khaled Meshaal) බීබීසීයට ප්‍රකාශ කරයි.

මෑත මාස කීපය තුල දෙපාර්ශවය අතර සබඳතා සමීප වෙමින් පවත්නා ලකුණු දක්නට ලැබිණ.

සංවිධාන දෙක අතර පවතින භේද හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පැවැත්වීමේ හැකියාවක් ලැබී නැත.

ගාසා තීරය හමාස් සංවිධානය විසින් පාලනය කැරෙන අතර බටහිර ඉවුරේ ආධිපත්‍යය දරන්නේ ෆටා සංවිධානයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.