බංග්ලාදේශ ඩකා අගනුවර පස්වැනි දිනටත් දැවැන්ත විරෝධතා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 9 සෙනසුරාදා - 14:43 GMT

දහස් සංඛ්‍යාත බංග්ලාදේශ වැසියෝ ඩකා අගනුවර ශාහ්බාග් චතුරශ්‍රයේ පස්වැනි දිනටත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.

පසුගියදා යුධ අපරාධ චෝදනා වලට වරදකරු වූ අබ්දුල් කාදර් මුල්ලා හට මරණ දඬුවම් පැමිණවිය යුතු බවයි ඔවුන් කියා සිටින්නේ.

මීට වසර හතළිහකට පෙර බංග්ලාදේශ නිදහස් සටන පැවැති සමයේදී යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා වලට ඔහු වරදකරු බව පසුගිය අඟහරුවාද තීන්දු කල එරට අධිකරණය විසින් ඔහුට එරෙහිව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණ.

තීන්දුවට විරෝධය පාන ජනතාව තම පවුල්වල දු දරුවන් හා සාමාජිකයන් සමග චතුරශ්‍රයට රැස්ව සිටින බවයි වාර්තාකරුවෙක් පවසන්නේ.

තවත් නගර රැසක කුඩා පරිමාණයේ විරෝධතා ව්‍යාපාර පවත්වන බවටද වාර්තා වෙනවා.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.